නිලංග දෑලට අපහාස එපා! – උසාවියෙන් සංජය මහවත්තට වාරණයක්

0
2

වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත නමැත්තාට එරෙහිව පවරන ලද නඩුවක් ඊයේ (27 දා) කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණයෙන් සංජය මහවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එකී නියෝගය මගින් ප්‍රදීප් නිලංග දෑල මහතාට සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ කිසිදු මාධ්‍යයක සිදු කිරීම හෝ පළ කිරීම ඇතුළු කුමනාකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වළක්වා ඇත.

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥ පී. එස්. මධුෂානි මෙනෙවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ නීතිඥ අසංක ජයරත්න යන නීතිඥවරු පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here