තුවාල පිටින් අමාරුවෙන් ‘අග්බෝ’ පුංචිකුලම මහ පාලම අසලට එයි…

0
2

ශරීරයේ බොහෝ ස්ථානවල තුවාල සහිත වූ පැල්ලම් දක්නට ලැබෙන අතර තරමක් අසනීප තත්ත්වයෙන් පෙළෙන ‘අග්බෝ ’ ඇතා ඊයේ (27 වැනිදා) දහවල් 1.00 ට පමණ ඒ නවය මාර්ගයේ තිරප්පනේ පුංචිකුලම මහ පාලම අසලට පැමිණීමේ දසුනක් දක්නට ලැබිණි. කෙසේ වෙතත් මෙලෙස අග්බෝ ඇතා මිනිසුන් අතරට පැමිණීම ඇතාගේ ජීවිතයට තර්ජනයක් බව බොහෝ පිරිස් පෙන්වා දෙති.

ඒ නවය මාර්ගයේ ගමන්ගත් වාහන මොහොතකට නතර කොට ඇතාට පාර හරහා මාරුවීමට අවස්ථාව සලසා දුන්හ.නාච්චාදූව වැව් ඉස්මත්තේ සිට ඒ නවය මාර්ගය හරහා පැමිණි අග්බෝ මල්වතු ඔය අසල වූ කැලෑ රොදකට පන්නා දැමීමට තිරප්පනේ වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
තිරප්පනේ සමන් පෙරේරා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here