පාතාල අපරාධකරුවන් ආරක්‍ෂාව පතා දේශපාලනයට රිංගනවා

0
2

අපේක්‍ෂකයන් තෝරද්දී පොලිස් වාර්තා ගන්න – පොලිස්පති

විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල අපරාධකරුවන් සිය ආරක්‍ෂාව සඳහා දේශපාලනයට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් ඇති බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනතුරු අඟවයි.

එබැවින් මැතිවරණවලට තරග කිරීමට අපේක්‍ෂකයන් තෝරා ගනිද්දී ඔවුන් පිළිබඳව පොලිස් වාර්තාවක් ලබාගෙන අපරාධවලට සම්බන්ධ නැති පුද්ගලයන් තෝරා ගන්නා ලෙස ද පොලිස්පතිවරයා සියලුම පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සිද්ධිය උදාහරණයකට ගනිමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව පැවසීය. මේ ආකාරයට විවිධ වැරදිවලට සහ පාතාල අපරාධකාරයන්ට සම්බන්ධ දේශපාලනඥයන් කිහිපදෙනකුම මේ වනවිට මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ලෙස කටයුතු කරමින් සිටින බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.

මෙවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පක්‍ෂවලට සම්බන්ධ කරගැනීමෙන් පක්‍ෂයේ කීර්ති නාමය ද විනාශ වන බව පොලිස්පතිවරයා කියා සිටියේය.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here