වසර 33කට පසුව ඇළක් හදා ගමට සෙතක් කළ දියණියක්

0
2

පරිසර නියමු ජනාධිපති පදක්කම වෙනුවෙන් කළ ව්‍යාපෘතියක් වුණත් ලැබෙන ප්‍රතිලාභ අපමණයි

ගාල්ල ඉමදුව අගුළුගහ, කහඳ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ටී.ජී.ෂාවින්දි හංසිකා සිසුවිය තම පරිසර නියමු ජනාධිපති පදක්කම අපේක්ෂාවෙන් ඇළවේලි සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නීය.

හංසිකා දියණිය ඒ වෙනුවෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව මලදොළ ඇළ ප්‍රතිසංස්කරණය කර ඇත.මලදොළ ඇළ මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ වසර 33 කට පසුව වීම විශේෂත්වයකි. ෂාවින්දි හංසිකා සිසුවිය පරිසර නියමු ජනාධිපති පදක්කම අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළද මේ තුළින් ගොවි ජනතාවට විශාල සේවාවක් සිදුවී ඇති බැව් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු පවසති.

“මම මේක කළේ මගේ පරිසර නියමු ජනාධිපති පදක්කමේ ව්‍යාපෘතියට. ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මට මේ සදහා උදව් කළා. ඒ සියලු අයට ස්තූතියි. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ගොවීන්ට තම ගොවිතැන් කටයුතු සදහා ජලය ලබා ගැනීම පහසුවත් ඩෙංගු,මීඋණ වැනි රෝගවලින් ගම්වැසියන් ආරක්ෂා වීමත්, ක්‍රමවත්ව ජලය ගලායාම නිසා මැසි මදුරු කරදර අවම වීමත්, පාංශූඛාදනය අවම වීම,වැසි අවස්ථාවේ නිවාස ජලයෙන් යටවීම අවම වීම, ජලජ ජීවීන්ට සුදුසු වාසස්ථාන ලැබීම,ගමනාගමනය සදහා වේල්ලක් සකස් වීම වැනි ප්‍රතිලාභ අපේ ප්‍ර දේශයට ලැබෙනවා” යැයි තම ව්‍යාපෘතිය නිම කිරීමේ නිහතමානී ආඩම්බරයෙන් ෂාවින්දි හංසිකා දියණිය පවසයි.

ඉමදුව අඟු‍ළුගහ පිහිටි මලදොළ ඇළ ජනතා අයිතියට පත් කිරිම දේශයේ රාජ්‍ය නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ සහභාගීත්වයෙන් ඉකුත්දා සිදු විය.
ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here