සිව් වසරකට පසුව ලංකාවට ආ කුවේට් ගුවන් සේවය

0
2

වසර 04ක පමණ කාලයක් ශ්‍රී ලංකාවත් සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබූ කුවේට් ගුවන් සේවය යළි මෙරට සමග ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් කුවේට් ගුවන් සේවයට අයත් ඒ-320 නියෝ වර්ගයයේ ගුවන් යානය අද (27) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එහිදි එම යානය ජල ආචාර මධ්‍යයේ පිලිගෙන තිබේ. 

මෙම ගුවන් ගමන සඳහා මගීන් 94 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06දෙනෙකු පැමිණ ඇත. 
               
ඒ අනුව කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර ගමන් සිදුකිරීමට නියමිතය.

2021 වසරේ දෙසැම්බර් 31 වනදින සිට කුවේට් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවත් සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබුණි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here