විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ප්‍රායෝගික හා වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදි විශේෂ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකිසා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
විදෙස්ගත ශ්‍රමිකයෝ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත්, ඒ වෙනුවෙන් මේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බව ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම අද (27) අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකිසා සහ සංචාරක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. එහිදී කතා කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
Saru FM Media











