තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඇතුළ කණ්ඩායම් 10ක් යොදවා ඇති බව, පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර, ඊයේ(13) පස්වරු 4.50ට පමණ අකුරගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලේදී සිදු වූ එම වෙඩි තැබීමෙන් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ මිය ගියේය.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් හා පිස්තෝලයක් භාවිත කර ඇති බවය. එලෙස ඝාතනයට ලක් වූයේ අතුරුගිරිය, පෝරේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙකු හා 42 හැවිරිදි ඔහුගේ බිරිඳ බව වාර්තා වේ.

පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නීතිඥවරයා ලෙස කටයුතු කර ඇති බවයි.පොලීසිය සඳහන් කළේ, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here