වත්මන් ආණ්ඩුව විසින් සූර්ය බලයෙන් උපදවන විදුලි ක්ෂේත්‍රය ඇතුළු පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන ක්ෂේත්‍රය අධෛර්යට පත්කරමින් සිටින බවත්, ඒ අනුව 2030 දී පුනර්ජනනීය බලශක්තිය 30% දක්වා වර්ධනය කිරීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
වහලය මත සවිකරනු ලබන සූර්ය පැනලවලින් උත්පාදනය කරනු ලබන විදුලි ඒකකයක් සඳහා කරනු ලබන ගෙවීම රුපියල් 17 දක්වා අඩු කිරීමට වත්මන් ආණ්ඩුව සැලැසුම් කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී අදාළ ක්ෂේත්‍රයේ වර්ධනයට ආයෝජකයෝ නොපැමිණෙන බවද ඔහු කියා සිටී.
සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා රුපියල් 17ක් ගෙවද්දී පොසිල ඉන්ධනවලින් ලබා ගන්නා විදුලි ඒකකයකට රුපියල් 85ක් ගෙවන බවද ජයසේකර මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
Saru News










