ළිඳක් පිරිසිදු කිරීමට ගිය පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටීමෙන් මරුට

0
9

කල්තොට ගල්ටැම්යාය ප්‍රදේශයේ දීර්ඝ කාලයක් වසා තිබූ ළිඳකට බැසීමට ගිය පුද්ගලයෙකු සිහිසුන්ව ඇදවැටීමෙන් මියගොස් තිබේ.

මිතුරන් දෙදෙනෙකු සමග ප්‍රදේශයේ නිවසක ළිදක් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය. 

පොලිසිය සැක පළ කරන්නේ දීර්ඝ කාලයක් වසා තිබූ ළිද තුළ විශ වායු අන්තර්ගත වීමෙන් එම පුද්ගලයා සිහිසුන් වන්නට ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලංගොඩ මුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here