වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළේ ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බවත් ඝාතනයට පෙරාතුවම අත්පිට මුදලින් එය ඝාතකයාට ගෙවා ඇති බවත් පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම වෙඩික්කරු ඊයේ (26දා) සවස මහරගම නාවින්නේදී අත් අඩංගුවට ගැනීමත් සමග ඊට අදාල සියලු තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත අනාවරණය වෙමින් පවතින බවයි වාර්තා වේ.
මිදිගම රුවන්ගේ හා චූටිගේ සමීපතම හිතවතකු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබා දී ඇති බවත්, ඔවුන්ගේ සහචරයකු විසින් අදාල ලක්ෂ 15ක මුදල ලසන්ත ඝාතනයට පෙරම වෙඩික්කරු අතට පත් කර ඇති බවත් මේ වනවිට හෙළි ව තිබෙනවා.
Saru FM Media











