යාල්දේවියේ ඩෝප්වූ දුම්රිය නියාමක අනුරපුරේදී අල්ලයි

0
2

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය කළ යාල්දේවී දුම්රියේ නියාමකවරයා රාජකාරි වෙලාවේ මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පෙරේදා (25 දා) පස්වරුවේ අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එදින පස්වරු 2.40 ට පමණ එම දුම්රිය අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයට ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී නියාමකවරයා මත්පැන් පානය කර සිටීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහු අනුරාධපුර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්වසන පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළ බව දුම්රිය ආරක්ෂක හමුදාවේ ප්‍රකාශකයකු ඊයේ (26 දා) පැවැසීය.

එම වෛද්‍ය වාර්තාව ලැබුණු පසු චෝදනාවට ලක්වූ නියාමකවරයාට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව එම ප්‍රකාශකයා පැවැසීය. චෝදනාවට ලක්වූ නියාමකවරයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර එම නියාමකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ වෙනුවට යාල්දේවී දුම්රියට වෙනත් නියාමකවරයකු යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට පියවර ගනු ලැබිණි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here