පෞද්ගලික සමාගමකට පැවරූ online වීසා වැඩසටහනෙන් රජයට සත පහක ආදායමක් නෑ

0
2

විගණකාධිපති වාර්තාවක් කියයි

පසුගිය වසරේ පෞද්ගලික සමාගමකට පැවරූ මාර්ගගත වීසා නිකුත් කිරීමේ වැඩසටහන මගින් රජයට කිසිදු වීසා ගාස්තු ආදායමක් නොලැබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද වාර්තාවේ සඳහන් වූයේ GBS Technology Services& IVS Global iy VFS VF Worldwide Holdings Ltd යන සමාගම් දෙකට 2024 අප්‍රේල් 17 සහ 2024 අගෝස්තු 2 අතර කාලය තුළ මාර්ගගතව නිකුත් කරන ලද වීසා අයැදුම්පත් සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1,820,418 ක් උපයා ගැනීමට හැකිවූ බවයි. වීසා ගාස්තු අය නොකරන රටවල සංචාරකයන්ටත් මේ සමාගම්වලට සැකසුම් ගාස්තු ගෙවීමට සිදුව තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාහිරින් ලබා ගත යුතු සේවාවන් පිළිබඳව පිරිවැය – ඵලදායීතා අධ්‍යයනයක් සිදු කළ යුතු බවත්” නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කළ යුතු බවත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර රජයට ලාභදායී සහ රටට ප්‍රයෝජනවත් ආයතන තෝරාගත යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here