ඇමැති ආරක්ෂක 2 කගේ රැකවල් බස්නාහිර තවත් 25කට තර්ජන කිරීම් ගැන පොලිස් විමර්ශන
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට මරණීය තර්ජන එල්ල කර ඇත්තේ මතුගම ශාන් නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලිය විසින් බවට තොරතුරු හෙළිකර ගත් පොලිසිය ඒ මහතාට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබාදී ඇත.
මේ අතර බස්නාහිර පළාතේ පදිංචිව සිටින දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්” ධනවතුන් ඇතුළු 25 දෙනකුට විවිධ පාතාල කල්ලිවලින් එල්ල වී තිබෙන මරණීය තර්ජන සහ බලපෑම් සම්බන්ධයෙන් ද පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිවරයාට ලබාදී ඇති වාර්තාවකට අනුව බස්නාහිර පළාතේ පදිංචිව සිටින දේශපාලනඥයන් කීපදෙනකුට ධනවත් ව්‍යාපාරිකයන්” ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 25 දෙනකුට මේ වනවිට විවිධ පාතාල කල්ලිවලින් මරණීය තර්ජන එල්ල වී ඇත.
මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර මෙම තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් කීපයක්ම විමර්ශන පවත්වාගෙන යයි.
මේ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මන්ත්‍රී ජගත් විතාන මහතාට මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මේ වනවිට විදේශගතව සිටින පාතාල කල්ලි නායක මතුගම ශාන් නමැත්තා මෙහෙයවන කල්ලියෙන් බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මතුගම ශාන්ගේ බිරිඳ මීට ටික කලකට උඩදී පළාත් පාලන මැතිවරණයකට තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජගත් විතාන මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එහෙත් මන්ත්‍රීවරයා ඊට අවස්ථාව ලබාදී නැත. මේ හේතුව නිසා මතුගම ශාන් මන්ත්‍රීවරයා සමග වෛරයකින් පසුවී ඇති අතර මෙම මරණ තර්ජනය ඊට හේතුවී ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
මතුගම ශාන්ගේ සකාන්තාවකට මන්ත්‍රීවරයා යටතේ රැකියාවක් කර ඇති අතර දේශපාලනයට ඒමට ඇයට උදව් කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒ කාල සීමාවේදී බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මන්ත්‍රීවරයා ඊට කිසිදු සහායක් ලබාදීමට කටයුතු නොකිරීම මතුගම ශාන්ගේ වෛරයට හේතු වී තිබූ බව වාර්තාවේ.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් මෙම විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
Saru FM Media











