විශ්‍රාමික ගුරු නැන්දම්මා සිරුරේ සඟවාගෙන බෑනාගේ අයිස් විකුණලා

0
2

පුතා අයිස්වලට රිමාන්ඩ් එකේ

පාසල් ගණනාවක සේවය කර දරුවන් දහස් ගණනකගේ අනාගතය සකස් කළ ගුරුවරිය මෙසේ සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වීම පිළිබඳව සොයා බැලිය යුතුයි
ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිශ්සංක කාංගර

විශ්‍රාමික ගුරුවරියක වන 67 හැවිරිදි නැන්දම්මා කෙනෙකු හා ඇගේ තිස්දෙහැවිරිදි බෑනා අයිස් ග්‍රෑම් 200 ක් ශරීරයේ සඟවාගෙන සිටියදී ගම්පොළ පොලිසියේ දූෂණ මර්දන අංශ නිලධාරීන් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශ්‍රාමික ගුරුවරියගේ තිස්තුන් හැවිරිදි පුතෙකු හෙරොයින් හා අයිස් ග්‍රෑම් දෙකක් සමග 24 දින පොලිසියට හසුවීමෙන් පසු කළ සෝදිසියකදී මෙසේ මොහුගේ මව හා මස්සිනා හසුව තිබිණි. ජයසිංහ මුදියන්සේලාගේ කසුන් සඳරුවන් ජයතිලක යන සැකකරුව ගම්පොළ අධිකරණය මගින් ලබන මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම විශ්‍රාමික ගුරුවරිය දෙදරු මවක වන අතර ඇගේ දියණිය ත්‍රීරෝද රථ රියැදුරෙකු වන මෙම සැකකරු හා විවාහ වී සිටින බව පොලිසිය පවසයි. රැකියාවක් නොකරන ඇගේ පුතාද හෙරොයින් හා අයිස් භාවිතයට හුරුව ඇති අතර මොවුන් සියල්ලෝම එකතුව අයිස් සහ හෙරොයින් ජාවාරම සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.

මොවුන් විසින් ගම්පොළ, උලපනේ, නාවලපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම මත්ද්‍රව්‍ය ලෝකේෂන් තැබීමට උපයෝගී කරගත් ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන තිබේ. විශ්‍රාමික ගුරුවරිය ඇගේ ශරීරයේ සඟවාගෙන සිටින අයිස් බෑණා හා පුතා අලෙවිකර ඇති බවද හෙළි වී තිබේ. ප්‍රදේශයේ පාසල් ගණනාවක වසර 40ක් පමණ සේවකර ඇති මෙම ගුරුවරිය දරුවන් දහස් ගණනකගේ අනාගතය සකස් කළද පසුව මෙසේ සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වීම පිළිබඳව සොයා බලන බව ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිශ්සංක කාංගර මහතාසඳහන් කළේය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා, ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිශ්ශංක කාන්ගර යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එම්.බී. හිටිගම, පොලිස් සැරයන්වරුන් වන 66560 පැතුම්, 68721 සමරකෝන්, 73388 කරුණාරත්න, කාන්තා පොලිස් සැරයන් 6015 බස්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 103735 ජයසිංහ සහ 103644 කුමාරසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
ගම්පොළ -සුරංග දිල්හාන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here