අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව ඊයේ (13) සැමියා විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තම බිරිඳ ඝාතනය කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර – පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේ පදිංචි දමයන්ති ඒකනායක (40) නමැති කාන්තාවකි.
අඹු සැමි යුවළ අතර කලක සිට ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම දෙදෙනා වෙන්ව ජීවත්ව සිට ඇති අතර නාවික හමුදාවේ සේවයේ නියුතු සැමියා ඊයේ උදෑසන නිවසට කඩා වැදී ගෑස් සිලින්ඩරයේ සවිකර ඇති බටයක් ආධාරයෙන් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කිරීමට උත්සාහ දැරීමෙන් අනතුරුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සිදු කර පලා ගොස් තිබේ.
මෙය සිදු වන අවස්ථාවේ දී මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සමග ජීවත් වූ ඇගේ මව ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් සිට ඇත.
සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමත් සමග නිවසට පැමිණ ඇති ඇය සිය දියණිය දැඩි ලෙස පිළිසුම් තුවාල ලබා මරණයට පත්ව සිටි බව දැක තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර පොලිසියේ හා පරසන්ගස්වැව පොලිසියේ නිලධාරීහු කණ්ඩායම් දෙකක් වැඩිදුර විමර්ශන සිදු කරති.
Saru News










