ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම දිනාගනිමින් වාර්තා අතරට එක් වූ ළහිරු අචින්ත සිය facebook සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ සිය පුහුණුකරු වන චමිල් බෝතොටා මහතාව පුහුණුවීම් සඳහා තමන් වෙත ගෙන්වා ගැනීමට සහය වන ලෙසය.
ළහිරු අචින්ත පවසා ඇත්තේ තමන් සිය පුහුණුකරුගෙන් දුරකථන ඇමතුම් හරහා උපදෙස් ලබා ගනිමින් තනිවම පුහුණුවම් කටයුතු කරන බවය.
පසුගිය වසරක පමණ කාලයක් පුරා පුහුණුකරුට එල්ලව ඇති මරණ තර්ජන හේතුවෙන් ඔහු සහ පවුලේ පිරිස සැඟව සිටින බැවින් තමන්ට නිවැරදිව පුහුණුකිරීම් කටයුතු සිදුකිරීමට සහ අවශ උපදෙස් ලබා ගැනීමට නොහැකි වී සිටින බව ළහිරු අචින්ත පෙන්වා දී තිබේ.
තමා ළඟට පුහුණුකරුව ගෙන දෙන්නේ නම් 2028 වසරේ ඔලිම්පික් පදක්කමක් මෙරටට දීනා දීමට පොරොන්දු වන බවද ළහිරු අචින්ත සිය facebook සටහනෙන් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පවසා ඇත.
ළහිරු අචින්ත සිය facebook සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ තිබූ සම්පූර්ණ සටහන පහතින්,
උපුටා ගැනීම,
“මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺
ජනාධිපති තුමණි මම මගේ Coach ලඟ නැතුව තනියෙන් Training කළේ.
මම මගේ Timing බලන්නේ තනියම. Training කළේ තනියම,
ඒවා කවුරුත් දන්නේ නැති දේවල්, මගේ Coach චමිල් බෝතොට සර්ව Chamil Bothota අදට අවුරුදු 1 හමාරක් විතර මගෙ ඇස් දෙකට තාම දැකලා නෑ කෝල් කරලා Training වලට Help කරනවා විතරයි. මන් තනියෙම Coach ලග නැතුව Training කරලා තමයි Asian Record එකක් තියලා Gold Medal එකක් දිනුවේ.
ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහින් මගේ සර්ට ඇති වුණ මරණ තර්ජන නිසා සර් සහ සර්ගෙ මුළු පවුලම ඉන්නේ හැංගිලා.
ගරු ජනාධිපති තුමණි මගේ Coach චමිල් බෝතොට සර්ව මගේ ලගට ගෙනත් දෙන්න, මගේ පුහුණවීම් කරගන්න.
සර් ළඟ හිටියොත් 2028 ඔලිම්පික් පදක්කමක් මම ලංකාවට ගේන්න පුළුවන් ❤️🔥
“ජනාධිපති තුමණි මේක මගේ අහිංසක ඉල්ලීමක් 😭”
උපුටා ගැනීම අවසන්.
බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී පසුගිය 23 වනදා පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.
තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.
මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තේය.
ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළේය.
ළහිරු දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්විය.
facebook සටහන පහතින්,
Saru FM Media











