ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න වසර 22 ක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගනිමින් යුද හමුදා පිල නියෝජනය කරන අවසන් තරගයට මුහුණ දෙමින් සිටී.
යුද හමුදා යුද්ධෝපකරණ බලකාය නියෝජනය කරමින් වසර 22ක් මුළුල්ලේ යුද හමුදා පිල නියෝජනය කළ සීක්කුගේ ප්‍රසන්න එක් ටෙස්ට් තරගයකදී, එක් දින තරග 40 කදී හා විස්සයි විස්ස තරග 20 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
මේ අතර කාලයේ ප්‍රමුඛ පෙළ තරග 120 කට සහභාගි වී ඇත.
ඔහු තම යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගෙන යුද හමුදා පිල නියෝජනය කරන අවසන් තරගය මේ සති අන්තයේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ සෙබස්ටියනයිට්ස් පිල සමග පැවැත්වෙන අතර යුද හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ඉනිම සඳහා පිටියට පිවිසෙද්දී යුද හමුදා පිලේ සෙසු ක්‍රීඩකයන් ගෞරවාචාරය පිරිනැමූ අයුරු..!
Saru News










