මිනිස් සිරුරක කොටසක් කාත්තන්කුඩි කලපුවක

0
2

ඊයේ ( 25 ) සවස් කාලයේ කාත්තන්කුඩි 05 , ප්‍රදේශයේ කලපුවේ මළ සිරුරක හිස කොටස පාවෙමින් ඇති බවට ලද තොරතුරක් මතකාත්තන්කුඩි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම හිස කාත්තන්කුඩි 06 ප්‍රදේශයේ වයස අවුරුදු 66 ක පුද්ගලයකුගේ බව හඳුනාගෙන තිබේ . එම පුද්ගලයා මීට දින දෙකකට පෙර අතුරුදන් වූ බවට කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත ඔහුගේ ඥාතීන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බවට අනාවරණය වී ඇත.

මෘත ශරීර කොටස හමුවූ ස්ථානය අවට කිඹුලන් බහුලව ගැවසෙන අතර මෙම පුද්ගලයා එම ස්ථානයේ දියනෑමට ගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත . එහිදී අදාල පුද්ගලයා කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇති බවට දැනට පොලිසිය සැකකරනු ලබයි . මෘත ශරීර කොටස පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කාත්තන්කුඩි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here