ක්‍රිකට් ලොව ජනාදරයට පත්ව ඇති ක්‍රීඩාවකි. එම ක්‍රීඩාවේ බොහෝ නොමැකෙන සටහන් තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වන්නේ මීට දශක දෙකකටත් ආසන්නවය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණ විලාසයක් මුලින්ම පෙන්නුවේ ද අපේ සනත් සහ කලූ ය. ඒ එදා ය. සනත් සහ කලූ එක්ව මුල් පන්දුවාර කිහිපයේදී පන්දු යවන්නන්ට පහරපිට පහර එල්ල කරමින් යාර තිහ සීමාවට උඩින් පන්දු ගුවන්ගත කිරීමට ලබාගත් ඒ ආරම්භය පන්දුවාර පනහ අවසන් වීමේදී විශාල ලකුණු සංඛ්‍යාවකට අඩිතාලමක් දැමිණි.
එම ප්‍රහාරාත්මක පිතිකරණ රටාව අනෙක් රටවල් ද අනුගමනය කරන්නට විය. ශ්‍රී ලංකා ක්‍රිකට් සෙසු කණ්ඩායම්වලට ක්‍රිකට් කියා දුන්නේ එසේ ය. ඒ එදා ය.
සෙසු කණ්ඩායම්වල පිතිකරුවන් එම ප්‍රහාරාත්මක පිතිකරණ රටාව අනුකරණය කළත් එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන්ට එම පිතිකරණ රටාව මහත් හිසරදයක් නොවූයේ එම පිතිකරුවන් තමන් ඉදිරියේ දණගස්වා දමනය කරගන්නට තරම් ප්‍රබල පන්දු බළ ඇණියක් එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුවීම ය. ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂ්‍යය නැතිනම් ස්වර්ණමය කාලවකවානුව ගැන කතා කිරීමට පටන් ගැනෙනුයේ 1995 – 1996 කාලය සමයදී ය.
1996 වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලෝක කුසලාන සිහිනයක පෙනෙන මානයක නොසිටියදී එදා අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ මුල්ම ලෝක කුසලානයක ජය පැන් බීමට අවස්ථාව උදාවිය. අපේ ක්‍රිකට්වල වාර්තා පිට වාර්තා අලුත් වන්නට පටන්ගත්තේ එතැන් පටන් ය. අතරින් පතර තරගාවලින්වල අමිහිරි අත්දැකීම් ඇරෙන්නට කණ්ඩායමක් වශයෙන් දක්ෂතා පෙන්වා ලැබූ ජයග්‍රහණ අතිවිශාලය. ඒ ජයග්‍රහණවලට අඩිතාලම වැටෙන්නට පෞරුෂයක් සහිත නායකත්වය ද රුකුලක් වූවාට සැක නැති බව අවිවාධිත ය. ක්‍රිකට් ක්‍රීඩකයතුට හොඳ පෞරුෂයක් තිබිය යුතු ය.
එදා… අර්ජුනට තිබූ ඒ පෞරුෂත්වය නිසා මුරලිගේ පන්දු යැවීම පිළිබඳ ඇති වූ ප්‍රශ්නයේදී අර්ජුන රණතුංග මුරලි වෙනුවෙන් දබර ඇඟිල්ල ඔසවා විනිසුරුවරයා සමග වාද කරනකොට අර්ජුනව දැක්කේ නියම සිංහයකු ලෙස ය. ඒ එදා ය. අපේ ක්‍රිකට් ශක්තිමත් කළේ එසේ ය.
අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අත්පොත් තැබූ මහේල ජයවර්ධනත් ක්‍රීඩකයන් වෙනුවෙන් ඒ හා පෙනීසිටපු අවස්ථා තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එන අභියෝගවලට මුහුණදීමට තරම් ශක්තියක් එදා අපට තිබිණි. ඒ එදා ශක්තිමත්ව හා එකාවන්ව කණ්ඩායමක් ලෙස සිටගැනීම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් එදා ලෝකය ඉදිරියේ කතාබහට ලක්වන්නට වූයේ ය.
පසුව බිහි වූ සංගා – මහේල වැනි ක්‍රීඩකයන්ට බොහෝදෙනා කැමැති වුණේ ඔවුන්ගේ තිබූ දක්ෂතා නිසාම නොව, එවන් වූ පෞරුෂ ශක්තිය නිසා ය. ශක්තිමත් දක්ෂ ක්‍රීඩකයකු බිහිවීමට හොඳ පෞරුෂයක් තිබිය යුතු ය. ඒ එදා ය. අපේ ක්‍රිකට් එදා බැබළුණේ එවන් වූ ක්‍රීඩකයන් බොහෝ පිරිසක් අපේ කණ්ඩායම තුළ සිටි නිසා ය.
ක්‍රිකට් ගහන්නට එන්නේ පෞරුෂය අඩු දුර්වල පිරිමියකු නම් ඔහුගෙන් සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයකු බලාපොරොත්තු වීමට බැරි ය. එදා සහ අද අඩුපාඩු සොයා බලා අපේ ක්‍රිකට් ආයෙත් ලෝකයේ අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක් වීමට ගෙනඑන තැනට කටයුතු කිරීමටත් තවත් ලෝක කුසලාන තරගාවලියක් පේනමානයේ පසුවෙද්දී අපේ ක්‍රිකට් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න සොයා බැලීම අදාළ පාර්ශ්වවල වගකීම වන්නේ ය.
අත්දැකීම් අඩුවීම, වයසින් අඩුවීම ජයග්‍රාහී මාවතකට මඟ අහුරවන්නක් නොවනුයේ එදා 96 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගනිද්දී එම කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් අවුරුදු තිහ වයස සීමාව ඉක්මවා සිටියේ නායක අර්ජුන රණතුංග හා උපනායක අරවින්ද ද සිල්වා පමණි. අනෙක් සියලුම ක්‍රීඩකයකුම අවුරුදු තිහ ඉක්මවා නොතිබූ අතර අපේ වේගපන්දු යවන්නා වූ චමින්ද වාස්ට අවුරුදු 21 ලබා තිබිණි. එම ක්‍රීඩකයන්ගේ එදා තිබූ කැපවීම සහ උනන්දුව නිසා ජාත්‍යන්තරයේ පෙන්වූ දක්ෂතා ඔවුන්ගේ අඩු අත්දැකීම්වලට බාධා නොවුණේ එදා එම ක්‍රීඩකයන් තුළ තිබූ කැපවීම නිසා ය.
එම ක්‍රීඩකයන් ඉහළ දක්ෂතා දක්වද්දී හොඳ දෙවැනි පෙළක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ එදා තිබිණි. එදා ක්‍රිකට් ශක්තිමත් වීමට ජාතික කණ්ඩායම හා සමාන දෙවැනි පෙළක් තිබීම ද අපේ ක්‍රිකට් එදා බැබළීමට පිටිවහලක් විය. පිතිකරුවන් හා පන්දුයවන්නන් අතර ද එම ශක්තිමක් දෙවැනි පෙළ නිර්මාණය වී තිබිණි. එදා එම දෙවැනි පෙළේ සිටි ක්‍රීඩකයන් ඉහළ දක්ෂතා පෙන්නුවත් ජාතික කණ්ඩායමට රිංගා ගැනීමට හිඩසක් සෙව්වත් එය ඉතා අපහසු වන තරමට එදා ජාතික කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් ඉහළ දක්ෂතා අතර සිටි නිසා තියුණු තරගයක් එදා පැවතිණි.
පන්දු යවන්නන්ගෙන් මුරලි ස්ථාවර වෙද්දී ධර්මසේන, රුවන් කල්පගේ, උපුල් චන්දන මාරුවෙන් මාරුවට කණ්ඩායමේ තැනක් ලබාගත්තත් මේ තිදෙනාම එකම විදිහේ තුන් ඉරියව් ඇති දක්ෂ ක්‍රීඩකයන් වුවද එදා කණ්ඩායම තුළ ස්ථාවර වීමට නොහැකි වූයේ ප්‍රබල ක්‍රීඩකයන් ඒ වනවිට එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ සිටි නිසා ය. ඒ එදා ය.
නමුත් අද එවන් වූ ආදේශ ක්‍රීඩකයන් අපට සිටිනවාද? ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයකු ආබාධ තත්ත්වයකදී හෝ දක්ෂතාවල දුර්වලතාවයකදී වෙනත් ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමට ආදේශ කිරීමට ශක්තිමත් දෙවැනි පෙළක් එදා මෙන් අපට සිටිනවාද?
වැරදුණු තැන් බොහෝ ය. තරගාවලි පරාජයේදී වැරදුණු තැන් ගැන අඩුපාඩු කියා විසඳුම් ලැබෙන්නේ ද නැත.
2023 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවූයේ ද එවන් වූ හේතුන් මත ය.
එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වී ප්‍රධාන කුසලාන තරගාවලි කීපයක්ම පසු කරමින් තවත් ලෝක කුසලානයක් අබියස සිටියදී මෙදා තත්ත්වයත් ඒ අමිහිරි අත්දැකීම් ගොන්නට එකතු කර සුපුරුදු මාධ්‍ය ආවරණ තැබීමට යෑමෙන් අපේ ඉස්සර තිබූ ක්‍රිකට් නැවත දැකබලා ගැනීම සිහිනයක්ම වනු ඇත.
වැරදි අඩුපාඩු හදාගැනීමට කැපවීම සහ උනන්දුව අවශ්‍ය ය. 1996 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව 1999 ලෝක කුසලාන තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවත්ව අමිහිරි අත්දැකීම් ලබද්දී එය ආශීර්වාදයක් කරගනිමින් සිදුවූ වැරදි අඩුපාඩු ඉක්මනින් හදාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් 2015 දක්වා ලෝකයේ අනෙක් ප්‍රබල කණ්ඩායම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තර්ජනයක් විණි.
ප්‍රබල ක්‍රීඩකයන් කණ්ඩායමෙන් සමුගන්නාවිට ඊට ආදේශක වශයෙන් ජාතික කණ්ඩායමට යොදා ගැනීමට ප්‍රබල දෙවැනි පෙළක් 2015 දක්වා සිටීම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහත බැසීමට හේතුකාරණා වූයේ නැත.
මුරලිගෙන්, රංගන හේරත්ගෙන් පසු අපට ප්‍රබල ස්ථිර දඟ පන්දු යවන්නෙක් ද වාස්ගෙන් මාලිංගගෙන් පසු ලෝක මට්ටමේ වැඩ පෙන්වන සුපිරි වේගපන්දු යවන්නෙක් සිටී ද යන්න සැක සහිත ය.
එදා අපි ලොවටම හඳුන්වාදුන් ශක්තිමත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරණ රටාවත් මැදපෙළ පිතිකරණයත් ප්‍රබල පන්දු බළ ඇණියත් ස්ථාවරව නොමැතිව අතරින්පතර පමණක් ලබන ජයග්‍රහණවලින් අතපිස දමා ගැනීමට පමණක් සිතා සිටීමෙන් තවත් ලෝක කුසලානයක් ලබා ගැනීම තරමක් දුෂ්කර වනු ඇත.
තරගාවලි ආරම්භයට පෙර තරගයේ සැලසුම මාධ්‍ය ඉදිරියේදී පමණක් කියාපෑමෙනුත් තරගාවලි අවසානයේ සිදුවූ අඩුපාඩු මාධ්‍යයට පැවසීමෙනුත් එදා තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට අපට ළඟාවීමට නොහැක.
ඉදිරි ලෝක කුසලාන තරගාවලියක් අබියස සිටියදී සහ ඉදිරි ක්‍රිකට් අනාගතයේ දියුණුවට පෞරුෂයක් සහිත ක්‍රීඩකයන් බිහිකරලීමටත් ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය කරලීමටත් අදාළ අංශ සිතා බලන්නේ නම් එදා තිබූ ක්‍රිකට් නැවතත් අපට ළඟා කරගැනීමට ලැබෙන හැකියාව ඉක්මන් වනු ඇත.
ලෝක මට්ටමේ ක්‍රීඩකයන් බිහිවනුයේ එවිට ය. එදා තිබූ ක්‍රිකට් රටාව ආයෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් නැවතත් අපිට දැකබලා ගැනීම හැකිවනු ඇත. එවිට නැවතත් අපි ලෝකයේ අනෙක් ප්‍රබල කණ්ඩායම්වලට හිසරදයක් වනු නොඅනුමාන ය.
සන්ජේ රූපසිංහ
Saru FM Media











