LOLC ෆිනෑන්ස්, ලංකා රේටින්ග්ස් මගින් A+ (ස්ථාවර) ඉහළ ශ්‍රේණිගත කිරීමකට උසස් කෙරේ

0
5

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශයේ සමස්ත ලාභ වලින් 36.3% ක්, සමස්ත වෙළෙඳපොළෙන් 30.3% සහ එහි වත්කම් වලින් 20.6% ක් හිමිකරගනිමින් LOLC ෆිනෑන්ස් ප්‍රමුඛ ස්ථානයේ.

ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) මගින්, ශ්‍රී ලංකාවේ විශාලතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබාදී තිබූ (ධනාත්මක ඉදිරි දැක්මක් සහිත) A ශේණිගත කිරීමට වඩා සැලකිය යුතු ඉදිරි පියවරක් සලකුණු කරමින් (ස්ථාවර ඉදිරි දැක්මක් සහිත) A+ ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබේ.

ලංකා රේටින්ග්ස් ආයතනය සඳහන් කරන පරිදි LOLC ෆිනෑන්ස් වෙත ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබාදීම තුළින් එහි ස්ථාවර වෙළෙඳපොළ නායකත්වය, ශක්තිමත් ප්‍රතිපත්ති හා මූලධර්ම මෙන්ම අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ වුවද තිරසර වර්ධනයක් ලැබීමට ඇති හැකියාව අවධාරණය කරයි.

මෙම සුවිශේෂී කාර්ය සාධන දර්ශක LOLC ෆිනෑන්ස් පීඑල්සී සෘජුවම ඉහළ ශ්‍රේණිගත කිරීමකට පරිවර්තනය කර ඇති බව ලංකා රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි. බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ලාභවලින් 36% ක ප්‍රමුඛ කොටසක්, ක්ෂේත්‍රයේ කොටස් වලින් 30% කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ක්ෂේත්‍රයේ වත්කම් වලින් 20% කට වැඩි ප්‍රමාණයක් සහිත එහි ස්ථාවර ප්‍රාග්ධන සංචිතය සහ දූරදර්ශී අවදානම් කළමනාකරණ පියවර, LOLC ෆිනෑන්ස් වෙතA+ (ස්ථාවර) ඇගයීමක් ලබාදීම සඳහා පාදකවූ ප්‍රධාන සාධක ලෙස, LRA මගින් දක්වා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here