RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආචාර්ය අසංග තෙන්නකෝන් පත් කෙරේ

0
3

ශාඛා 272 ක ශාඛා ජාලයකට හිමිකම් කියනු ලබන දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB)සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආචාර්ය අසංග තෙන්නකෝන් මහතා 2025/10/13 දින පත්විය.

අසංග තෙන්නකෝන් මහතා බැංකු ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් සහිත වසර 25 කට අධික කාලයක් දේශීය මෙන්ම විදේශීය මූල්‍ය ආයතන වල සේවය නියුතුව සිටි විශිෂ්ට නායකයෙකු වන අතර සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය මෙන්ම අවධානම් කළමණාකරනය, දේපළ කළමණාකරන, ව්‍යාපෘති මූල්‍යකරණය වැනි ක්ෂේත්‍රවල විශේෂ නිපුණතාවයක් දක්වයි.

RDB බැංකුව සමඟ සම්බන්ධ වීමට පෙර ඔහු යූනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එහිදී විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් හට සාර්ථක මූල්‍ය සේවාවන් ගොඩනැගීම සඳහා නායකත්වය ලබා දී ඇත. ඊට අමතරව ඔහු ඩුබායී හා කටාර් හි ඩෝහා බැංකුවේ මූල්‍ය සේවා කළමණාකරනය සඳහා විශාල දායකත්වයක් ලබා දි ඇත.

ඔහු Univesidade Azteca විශ්ව විද්‍යාලය වෙතින් ව්‍යාපාර කළමණාකරනය සම්බන්ධ ආචාර්ය උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථිකය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියත්, ඊට අමතරව බැංකුකරණය හා මූල්‍ය ක්ෂේත්‍රයට අදාළව වෘත්තීය සුදුසුකම් රාශියක් හිමිකරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයෙකු හා තවත් ජාත්‍යන්තර වෘත්තීය ආයතන කිහිපයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

ගුණාත්මක ව්‍යාපාරික වර්ධනය මෙන්ම නව්‍යත්වය පදනම්ව බැංකු කටයුතු හරහා තිරසාර සංවර්ධනය දැක්ම කරගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා දේශීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් සියලුම ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම ඔහුගේ මූලික අරමුණ බව පෙන්වා දෙන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here