අතුරුදහන් ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ මෙහෙයුමක්

0
10

ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට ලැබුණු සැකයක් මත කිමිඳුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් කළුගගේ මෙහෙයුමක් දියත් කර තිබේ.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කළුතර දකුණ පොලීසියට කළ දැනුම්දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි .

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයෙකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

ගණකාධිකාරිවරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCඨ්V කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here