ආදරයට තිත තබන මේ දේවල් වලින් වැලකෙමු

0
15


ආදරයක් නොවෙනස්ව පවත්වා ගන්නට නම් දෙදෙනාගේ ආදරයට ශක්තිමත් පදනමක් මෙන්ම අභියෝගවලට මුහුණ දීමට හැකියාක් ඇති කරගත යුතුය. ආදරයට ඇති වන බාධක මඟහරවා ගැනීමට ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. ඒ වගේම ආදරයට තිත තබන මේ කරුණු පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්..

අහේතුවක් නැතුව සැක කිරීම ඔබේ සබඳතාවේ පදනම බිඳදමන්නකි.  සැකසංකා ඇති නොවන්නට නම් දෙදෙනා දෙදෙනාමට විවෘත විය යුතු ය. ‘මම’ යන්නට නොව ‘අපි’ යන්නට මුල් තැන දිය යුතුය.

බොහෝ අරගල වලට මුල ආවේග පාලනය කර නොගැනීමයි. කිසියම් ආවේගයක් ඇතිවූ විට හැකි තරම් එය කළමණාකරනය කරගන්න. එවැනි විටකදී අනෙකා නිහඬව සිටීම ද වැදගත්. ආවේගමය අවස්ථාව පසු වූ විට ඒ ගැන කතාකර ගැටලුව නිරාකරණය කරගන්න.

ප්‍රියමනාප ලෙස මෙන්ම ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම ද හැඟීමෙන් කතා නොකිරීම ද එකිනෙකා අතර ගැටුම් ඇති වීමට ප්‍රධානතම හේතුවකි. නිතරම ප්‍රසන්න ලෙස කතා කිරීම ඉතා වැදගත්.

ටික කලක් ගතවන විට බොහෝ කතාබහ දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. නිතර පිළිසඳරේ යෙදීමෙන් සැකසංකා දුරලා එකිනෙකා තේරුම් ගැනීමට හැකි ය.

අගය කිරීම සහ කෘතවේදී වීම සියල්ලන් බලාපොරොත්තු වන්නකි. හදවතට දැනෙන ලෙස කතා කිරීම මෙන්ම ක්‍රියාවෙන් ද අගය කිරීම මෙන්ම කෘතවේදීතාව පලකිරීම ඉතා වැදගත්.

එදිනෙදා වැඩකටයුතු, නිවෙසේ කටයුතු ආදී තනිව එක් අයෙකු   දෙදෙනා ම එක්ව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.

යුවතිපතියන්ට මෙන්ම පෙම්වතුන්ට ද යහපත් සබඳතාවක් පවත්වා ගැනීමට මෙම කරුණු ගැන අවධානයෙන් සිටීම මෙන්ම යහපත් ආකල්ප ඕනෑකම සහ මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

– කල්හාරී –

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here