ඔබ රිදවූ පරණ ප්‍රේමය අමතක කර ජීවිතේ අලුතින් පටන් ගන්න ටිප්ස් හයක්..

0
13


ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා කියල දැනෙන තරම් වේදනාවක් ඔබට දැනෙයි.අපි දන්නව ඔබට ලොකු වේදනාවක් අහිමි වීමක් දැනෙනවා ඇති.එය ස්වභාවිකයි.නමුත් ඔබ දැන් ඒ වේදනාවෙන් ගොඩ එන්න ඕනෑ නේද?දැන් ඉතින් සියල්ල අවසානයි කියල හිතන් ලතැවෙන ඔබට අපි කියන්නේ,

නෑ !කිසිවක් අවසාන නෑ!!

ලොකු වේදනාවකින් ඔබ පීඩාවට පත් වුණත් නැවත උත්සාහ කරොත් ආයෙත් මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්.මේ ඒ සඳහා අලුත්ම ප්ලෑන් එකක්

ඔබට ඇත්තටම ආදරය කරන පවුලේ සාමාජිකයන්,මිතුරන් සමඟ ඔබේ දුක බෙදා ගන්න. ඔබට හිතවත් අයව පරෙස්සමින් තෝරාගෙන ඔවුන් එක්ක කාලය ගත කරන්න. ඔබ මානසික පීඩනයට ලක් වීම නවතීවි. ජීවිතේ නැවත පටන් ගන්න ඔවුන් ඔබට උදව් කරාවි.

අතීත වැරදීම් තමයි ජීවිතය අපිට දෙන හොඳම පාඩම.ජීවිතේ ට ගැළපෙනම සහකරු පළමු ප්‍රේම සබඳතාවෙන්ම හොයා ගන්න බොහෝ දෙනෙක්ට අපහසුයි.ඉතින් පළමු ප්‍රේමය බිඳ වැටුණු පසු සියල්ල අහිමි වූ බව සිතමින් දුක් වීම අපරාධයක් නේද? වරක් පාඩමක් ඉගෙන ගත් අත්දැකීම් ලැබූ කාන්තාවක් නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.මේ තමයි ඔබේ ජීවිතේ සැලසුම් කරන්න ඔබට ඇවිත් තියන හොඳම අවස්ථාව. ඔබට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් සකස් කරන්න.මඟ හැරුනු අධ්‍යාපනය, රැකියාවේ සාර්ථකත්වය,වඩාත් සුන්දර හැඩැති සිරුරක්. ජීවිතේ ස්ථාවර බවට අවශ්‍ය ඉතුරු කිරීම් යනාදී වශයෙන් ඔබ සතුටට පත් කරන ජීවිතේට අවශ්‍ය ඉලක්ක ලැයිස්තුවක් සකස් කර ගන්න.ටාර්ගට් එක කම්ප්ලීට් කරන දවස් එක්කම ලැයිස්තුව සැකසීම ඉතාම වැදගත්. ඒ ඉලක්ක සපුරා ගැනීමට දිනපතා,මාස් පතා, ඔබ සම්පූර්ණ කර ගත යුතු දේවල් සියල්ල ලියා තබමින් සම්පූර්ණ සැලසුමක් හදාගෙනම පටන් ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා නිතරම කාර්‍යබහුල වන්න.

අතීතය තුළ ජීවත් වෙනකොට අපිට බොහෝ හොඳ දේවල් මඟ හැරෙනවා.එකවර අතීතය අමතක කරන්න ඔබට අපහසුයි.අපි ඒ බව දන්නවා.නමුත් අතීතය අතීතයට පවරා අනාගතය සැලසුම් කරොත් ඔබ ජීවිතේ දිනන බව නම් ස්ථිරයි.

පැවති ප්‍රේමය නිසා ඔබ ලබාගත යුතුව තිබූ බොහෝ දේවල් ඔබට මඟ හැරිලා තියෙන්න පුළුවන්.ඔබේ අධ්‍යාපන කටයුතු,ඔබේ විනෝදාංශ, ඔබේ රැකියාවේ කටයුතු පවුලේ කටයුතු ඔබේ මිතුරු ඇසුර වැනි ඔබට ඒ කාලය ඇතුලත මඟ හැරුණු සියල්ල වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔබට තවත් ලෝකයක් ඇති බවත් ඒ ලෝකය මඟ හැරී ඇති බවටත් ඔබටම තේරුම් යාවි. නිතර සතුටින් ඉන්න වගේම අලුත් බලාපොරොත්තු ඇති කර ගන්නත් ඔබට මේ තුළින් හැකිවේවි.

පරණ දේවල් ගැන හිතමින් අලුත් දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා.ඔබට හමුවූ ඔබට ගැළපෙන ප්‍රේමවන්තයා ඔබ හැර ගිය පෙම්වතා පමණක් නොවන බව තේරුම් ගන්න. නොගැළපෙන සම්බන්ධකම් වලින් ඉවත් වීම තුළ ඔබට ලැබෙන සතුට නිදහස විඳින්න කාලයක් ලබා ගත් නිසා ඔබට ඒ පිලිබඳ යම් අවබෝධයක් ඇබී තිබේවි මේ වෙනකොට.ඔබට ලැබෙන සෑම අවස්ථාවක්ම ලබාගන්න.අලුත් බලාපොරොත්තු එක්ක ජීවිතේ ඉස්සරහට යන්න, අතීතය බාධාවක් කර ගන්න එපා.

අතීතයේ ඔබ ලැබූ ආදරය, ඒ පෙම්වතාගේ කඩවසම් බව,හොඳ ගැන හිතමින් ඔබට වර්තමානයේ ලැබෙන ආරාධනා සංසන්දනය කිරීම නම් එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේවී. ඉතින් ඔබට ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලන්නට උවමනා නම් වහාම අතීතය සමග වර්තමානය සංසන්දනය කිරීම නවත්වන්නම වෙනවා.ඒ වගේම අතීතයේ ඔබ රිදවූ අමිහිරි අත්දැකීම් නැවත ලැබේවි කියන ආකල්පය සමඟ වර්තමානයේ ගනුදෙනු කිරීම ඔබේ වර්තමාන ප්‍රේම සබඳතා වලට ඉතාම අහිතකර වේවි. මේ නිසාම අතීතයේ සියලු අත්දැකීම් අමතක කර සංසන්දනය කිරීම නතර කිරීම වඩා වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here