එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

0
3

එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

USS Gerald R Ford නම් වූ මෙම ගුවන් යානය ගුවන් යානා 90ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව ද වේ.

මෑත සතිවලදී එක්සත් ජනපදය විසින් කැරබියන් දූපත්වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින අතර මේ සඳහා තවත් යුද නැව් 8ක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවය.

මෑත කාලිනව එක්සත් ජනපද හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටු සඳහා නිරන්තර ප්‍රහාර එල්ල කරන අතර එහි නවතම ප්‍රහාරය වූයේ කැරිබියන් දූපත්වල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ල වූ බෝට්ටුවකට එක් රැයකදී එල්ල කළ ප්‍රහාරයය.

එහිදී එම බෝට්ටුවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පසුගිය මාසයේ එක්සත් ජනපදය සිය මෙහෙයුම ආරම්භ කළදා සිට ඉලක්ක කරගත් බෝට්ටු සංඛ්‍යාව 10ක් දක්වා සහ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here