ඉතාම සරල ව්‍යායාමයක් වන ඇවිදීමෙන් ඔබේ ශරීරයේ බර ඉතා ඉක්මනින් අඩු කරගන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ඒ ගැන දැනගන්න මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වේවි
අධික මුදලක් වැය කරලා ඔබ ඔබේ බර අඩු කරගන්න ජිම් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් ,මේ ලිපිය කියෙව්වට පස්සෙ ඔබට ඒ මුදල ඉතිරි කරගන්න පුලුවන්. ඇවිදීම කියන්නේ ඔබට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ඔබේ බර අඩු කරගන්න පුලුවන් හොඳම ව්‍යායාමයක් කියලා සෞඛ්‍ය විශේෂඥයන් නිර්දේශ කරලා තියනවා.ඒ වගේම එක තැන වාඩි වී සිටින අයට වඩා දිනපතා ඇවිදින අයට ලෙඩ රෝග වැළදීම ඉතා අඩු බවත් වෛද්‍යවරුන් පෙන්වා දීලා තියනවා.
මෙහිදී සතියට දින කීපයක් , විනාඩි 30 ත් 90 ත් අතර කාලයක් ඇවිදීම ඔබේ ඉලක්කය විය යුතු වෙනවා. ඒ වගේම මුලු සතියේම ඔබේ ඇවිදීමේ කාලය විනාඩි 150 ක් විය යුතුයි.
මෙය ආරම්භ කිරීමේදි, මුල් දිනයේ ඔබ සුලු වේලාවක් ඇවිද ඉන්පසු දිනෙන් දින ඔබේ ඇවිදීමේ කාලය වැඩි කලයුතුයි.
දින කීපයක් මෙය කිරීමෙන් ඔබට වෙහෙසක් දැනේ නම් එක් දිනක් විවේක ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕන.
ඇවිදීමේදි ඔබේ හෘද ස්පන්දන වේගය 60 – 70 ත් අතර විය යුතු අතරම එය මැනගැනීමට ඔබට ඒ සඳහා වූ උපකරණයක් භාවිත කරන්න පුලුවන්
ඇවිදීමේදී අපේ ශරීරය වැඩි කම්පනයට හා සෙලවීමට භාජන නොවන නිසා දිවීම, පිහිනීම හා බයිසිකල් පැදීම වැනි ව්‍යායාම්වලට (aerobics) වඩා අනිවාර්යයෙන්ම ඇවිදිමෙන් ඔබට ප්‍රයෝජන තියෙනවා.
ඒ වගේම ඇවිදීම කියන්නේ මාංශ පේශීන්වලට හා සන්ධිවලට අනතුරු ඇතිවීමේ ප්‍රවණතාව අඩු ව්‍යායාමයක් ඇවිදීම හොඳම ව්‍යායාමය ලෙස කායික විශේෂඥයන් නම් කරලා තියනවා.
කාර්යබහුල ඔබට එකවර විනාඩි 30 ක් ඇවිදීමට කාලය වැය කරන්නට අපහසු නම් උදේ සහ සවස ලෙස කාලය බෙදාගෙන ඇවිදින්න ඔබට පුලුවන්
මුලින්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඔබට හෘදයාබාධ ,අධි රුධිර පීඩනය , දියවැඩියාව,කලන්ත ගති,කැරකිල්ල හෝ ඔබ ගර්භනී නම් වෛද්‍යවරයාගේ උපදෙස් ඔබට ඉතාමත් වැදගත්
ඉන්පසු ඔබ ඇවිදීමෙ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. දිනකට විනාඩි කීයක් කොපමණ දුරක් ඔබ ඇවිදිනවාද, දවසින් දවස ඔබ ඇවිදීමේ ප්‍රමාණය වැඩි කරගන්නෙ කෙසේද යන්න තීරණය කරන්න.
ඇවිදීමෙන් ඔබේ ශරීරයේ බර අඩු කරගන්නෙ කොහොමද කියලා ඔබ දැන් දන්නවා.නිසියාකාරව ඇවිදීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් .ඒ වගේම ඇවිදින්නට යාමෙදී ඔබට පහසු කපු ඇඳුම් , කපු මේස් සහ පහසු සපත්තු පළඳින්නත් වතුර බෝතලයක් රැගෙන යන්නත් අමතක කරන්න එපා
Saru FM Media