නිවසේ සිට රැකියාව කරන ඔබට රැකියාවත් ගෙදර වැඩත් සමබරව කළ හැකි සාර්ථක ක්‍රම‍ය

0
15


ගතවෙන කාලය බොහෝ දෙනා නිවසේ සිට රැකියා කටයුතු සිදු කරන කාලයක්. නිවසේ සිට රැකියා කටයුතු කිරීම ඇතැම් විට ඔබට අලස බවක් දැනෙන දෙයක් වනවා ඇති.නිවසේ කටයුතු ඉටු කරන ගමන් නිවසේ සිටම රැකියා කටයුතු කරන්නේ කොහොමද ? ඒ හැමදේම කරන අතර ඔබ සතුටින් සහ සෞඛ්‍ය සම්පන්නව ඉන්නේ කොහොමද ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු

හොඳ ජීවන රටාවකට හුරුවීම දවස අවසානයේ ඔබට සැහැල්ලු හැඟීමක් ගෙන දෙනවා .ඔබ නිවසේ සිට වැඩ කලත් කාර්යාලයට යන දිනයන් වලදී අවදිවූ වේලාවටම අවදි වන්න.හොඳින් ස්නානය කර , සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලකින් ඔබේ දවස ආරම්භ කරන්න.

නිවසේ සිට රැකියා කටයුතු කරන ඇතැම් අවස්ථාවල ඔබට අලස බවක් දැනීම බොහොම සාමාන්‍ය දෙයක්.ඊට අමතරව උදෑසන සිටම පරිගණක තිරයක් මත දවස ගෙවන විට ඔබට වෙහෙසකාරී බවකුත් දැනෙන්නට පුළුවන්. මෙය යම් තරමකින් හෝ මඟහරවා ගැනීමට නම් දිනපතා ව්‍යායාම වල යෙදෙන්න.එය ඔබේ ශරීර සෞඛ්‍යයට යහපත් ප්‍රතිඵල අත්කර දෙනවා මෙන්ම ඔබේ මානසික ඒකාග්‍රතාවය නිසි අයුරින් පවත්වා ගැනීමට ද සහාය වෙනවා.නිවස තුළ ව්‍යායාම කිරීම හෝ නිවසින් පිටත ව්‍යායාම කිරීම ,නැතහොත් පැය බාගයක වැඩි කාලයක් ඇවිදින්නට යාම වැනි ක්‍රියාකාරකම් වල යෙදීම ඔබට කල හැකියි.

ඔබ නිවසේ සිට රැකියා කටයුතුවල නිරත වුණත් ඔබ රැකියා ස්ථානයේ සිටින හැඟීමම ඔබට දැනෙන්නට නම් ඔබේ ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් විය යුතුමයි.බොහෝ දෙනා නිවසේ සිට රැකියා කටයුතු කරන විට රාත්‍රී ඇඳුම හෝ නිවසට අඳින සැහැල්ලු ඇඳුමකින් සැරසී වැඩ කටයුතු කරන්න පුරුදු වෙලා ඉන්නවා.එයින් වැළකිලා ඔබ පිටතට යන විට අඳින ඇඳුමකින් සැරසිලා රැකියා කටයුතු සඳහා වාඩි වෙනවා නම් ඔබට තරමක හොඳ හැඟීමක් දැනේවි.ඒ වගේම එයින් ඔබට දැනෙන අලස බවින් මිදෙන්නත් ඔබට පුළුවන්

ඔබ ඔබේ රැකියා කටයුතු වලට කාලසීමාවක් වෙන් කර නොගන්නේ නම් නිවසේ සිට වැඩ කිරීම ඔබට තරමක් දුෂ්කර විය හැකියි.කියා කටයුතු කිරීම සඳහා කාලසීමාවක් වෙන් කරගෙන හැකිතාක් එම කාලසීමාව තුළම අදාල කටයුතු අවසන් කිරීමට උත්සාහ කරන්න.එම කාලයෙන් පසුව හෝ පෙර ඔබට ඔබේ නිවස පිරිසිදු කිරීම , ආහාර පිසීම වැනි කටයුතු වල ගැටලුවකින් තොරව නිරත විය හැකියි .

වැඩ කරන කාලය අතරතුර ඔබට විවේක ගැනීම සඳහා සුළු කාලයක් වෙන් කර ගන්න අමතක කරන්න එපා.එයින් ඔබට ඉතිරි වැඩ කර ගැනීම සඳහා හොඳ උත්තේජනයක් ලබා ගන්න පුළුවන්.ඒ සඳහා විනාඩි 10ක හෝ 15ක කාලයක් වුවත් ප්‍රමාණවත්.ඔබ කැමති ගීතයකට සවන් දීම , කෝපි කෝප්පයක් රස විඳීම , පොතක පිටු කිහිපයක් කියවීම වැනි ඔබ කැමති ක්‍රියාවක නිරත වෙමින් එම විවේක කාලය ගත කරන්න ඔබට පුළුවන්

ඔබට මොනතරම් වැඩ රාජකාරි තිබුණත් , ඔබ කොයිතරම් කාර්යබහුල වුණත් ඔබේ පවුලේ අයව අමතක කරන්න එපා.වැඩ කරන අතරතුර ඔවුන් සමඟ කතාබහ කිරීමට සහ ඔවුන් සමග සම්බන්ධ වීමට පුංචි කාල වේලාවක් වෙන් කරන්න.එවිට ,ඔබ මොන තරම් කාර්ය බහුල වුණත් ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන බව ඔවුන්ට දැනේවි.ඒ වගේම ඔබේ රැකියා කටයුතු අවසන් වූ වහාම ඔවුන් සමග කාලය ගත කරන්න.සියල්ලටම වඩා ඔබේ පවුල යනු ඔබට අතිශය වැදගත් වන දෙයක් නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න

ඔබ නිවසේ සිට රැකියා කටයුතු කරන විට ඔබට බාධාවන් පැමිණෙනවා කියන්නේ ඔබේ කාර්යයන් ප්‍රමාද වීමක්.ඔබේ දුරකථනයට වරින්වර ඇමතුම් පැමිණෙනවා නම් , නිවසේ රූපවාහිනිය ඔබට බාධාවක් නම් ඒවා ක්‍රියා විරහිත කරන්න.ඔබේ මිතුරෙක් හෝ හිතවතෙක් ඔබ හමුවීමට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ හමුවීම වෙනුවෙන් විවේක වෙලාවක් වෙන්කර ගන්න.කිසිම විටක එවැනි දේවල් ඔබේ රැකියා කටයුතු වලට බාධාවක් කර ගන්න එපා

නිවසේ සිට රැකියා කටයුතු කරන ඔබට මේ උපක්‍රමයන් බොහොම ප්‍රයෝජනවත් වේවි.ඔබ නිවසේ කටයුතු මෙන්ම රැකියා කටයුතුත් කළමනාකරණය කරන දක්ෂ කාන්තාවක් වීම ඔබේ පවුලේ අයටත් සතුටක් ගෙන එන බව නිසැකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here