පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා උසස් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 1.5කට ආසන්න මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (24) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ආම්පන්න ලබාදීම, ක්‍රීඩා තරග පැවැත්වීම යනාදි විවිධ අංශ යටතේ පාසල් ක්‍රිකට් සංගමය හරහා මෙම මුදල් ලබාදෙන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර ස්ථාන කිහිපයක ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
Saru FM Media











