ඉෂාරා පැන ගිය බෝට්ටුව අල්ලයි

0
3

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.

ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here