ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර මාරක රිය අනුරක් සිදු කොට පුද්ගලයකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළව වන වැරදි සම්බන්ධයෙන් අධිකරණ හමුවේ චෝදනා පහක් ලබා සිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරකු එකී සියලු චෝදනාවන්ට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් සහ වින්දිත ප්‍රාර්ශවයට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ ඔහුට නියෝග කර තිබේ.
විත්තිකාර රියදුරාට වන්දි මුදලට අමතරව රුපියල් හැට හයදහස් පන්සියයක (රු. 66,500) දඩයක් ගෙවන ලෙසද මහේස්ත‍්‍රාත් නියෝග කර ඇත.
එම දඩ මුදුල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස 03ක සිර දඩුවමක්ද නියම කෙරිණ. ඊට අමතරව මරණකරුගේ පාර්ශයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකාර ලංගම රියදුරාට නියෝග කර ඇති මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඬුවමක්ද නියම කර තිබේ.
110
Saru News








