බලංගොඩ නගර සභාවේ මාලිමාවේ බලය යළිත් තහවුරුකරයි… මෙවර තවත් ඡන්ද මන්ත්‍රීවරු තිදෙනෙක් මාලිමාවට සහාය දෙයි… – Saru News | සිංහල

0
13

ජාතික ජන බලවේගයට බලය හිමි වූ බලංගොඩ නගර සභාවේ සභාපති ලෙස පත්ව සිටි කේ.ජී ප්‍රේමදාසගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට බලන්ගොඩ නගරසභාවේ අද (12) පැවති නිලවරණයෙන් ඡන්ද 11ක් ලබාගෙන ජාතික ජන බලවේගයේ යළිත් සභාවේ බලය තහවුරු කරගෙන තිබේ.

මෙවර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් පේෂල නිකලන්ද හා සමගි ජන බලවේගය වෙනුවෙන් බී. විමලසේන සහ තවත් එක් තරගකරුවෙකුද ඉදිරිපත් වී ඇත.

මෙහිදී සභාපතිව සිට ධුරයෙන් ඉල්ලා අස්වූ ජාතික ජන බලවේගයේ කේ.ජී ප්‍රේමදාස විසින්ම ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා ලෙස පේෂල නිකලන්දගේ නම යෝජනා කර තිබේ.

ඒ අනුව සභාපති තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන්නේ විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද යන්න විමසා බැලීම සඳහා ඡන්දයක් පවත්වා ඇත.

එහිදී රහස් ඡන්දයක් වෙනුවෙන් ඡන්ද නවයක් ද, විවෘත ඡන්දයක් ලෙස ඡන්ද හයක්ද ප්‍රතික්ෂේප ලෙස එක ඡන්දයක්ද ලැබී තිබිණි.

ඒ අනුව පැවති රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූ පේෂල නිකලන්ද ඡන්ද 11ක් ලබා ගනිමින් නව සභාපති ලෙස බලංගොඩ නගර සභාවට තේරී පත්වී ඇත. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බී. විමලසේනට ලබාගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද 05ක් පමණි.

බලංගොඩ නගරසභාවේ මන්ත්‍රී සංයුතිය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රීධුර 07ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 02ක්, එසත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 01ක් සහ ස්වාධීන කණ්ඩායමකට ඒක් මන්ත්‍රීධුරයක් ලෙස පවතී.

මුල් වටයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ කේ.ජී ප්‍රේමදාස සභාපති වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය වෙනුවෙන් ඔහු ලබාගෙන තිබුණේ ඡන්ද 08කි.

ගත වූ කාලසීමාව තුළ ජාතික ජන බලවේගය පාලනය හරහා බලංගොඩ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු තවත් 03න් දෙනෙකුගේ විශ්වාසය දිනා ගනිමින් මෙවර ඡන්ද 11ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ පාලනය සමත්ව තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here