ඔස්ට්‍රේලියා ඉන්දියා එක්දින තරගාවලිය
මැතිව් ෂෝර්ට් ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත්, මැදපෙළින් පිටියට පිවිසි කෝපර් කොන්නෝලිගේ නොදැවිණි ඉනිමත්, දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය තමන් සතුකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබිණි.
ඊයේ (24 දා) ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ඔස්ට්‍රේලියානු පන්දු බළඇණිය හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 264ක් පමණි.
ඒ අනුව ලකුණු 265ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ පන්දු වාර 46යි පන්දු 2ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රෝහිත් ශර්මා ලකුණු 73ක්, ශෙයාර්ස් අයියර් ලකුණු 61ක් සහ අක්ෂාර් පටෙල් ලකුණු 44ක් ලැබීය.
පන්දු යැවීමේදී ඇඩම් සැම්පා ලකුණු 60කට කඩුලු 4ක්, සේවියර් බාර්ට්ලට් ලකුණු 39කට කඩුලු 3ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 62කට කඩුලු 2ක් බිඳහෙළීය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මැතිව් ෂෝර්ට් ලකුණු 74ක්, කෝපර් කොන්නෝලි නොදැවී ලකුණු 61ක් සහ මිචෙල් ඔවින් ලකුණු 36ක් ලැබීය.
පන්දු යැවීමේදී අර්ෂදීප් සිංග්, වොශින්ටන් සුන්ඩර් සහ හර්ෂිත් රණා අතරේ කඩුලු 2ක බැගින් බෙදීගියේය.
තරගයේ වීරයා ලෙස ඇඩම් සැම්පා සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
Saru FM Media











