ශාන්තිකර (පැසිෆික්) සාගරයේ යාත්‍රා කරමින් තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී තිබූ යාත්‍රාවකට ඇමෙරිකානු හමුදාවන් විසින් එල්ල කර ඇති ප්‍රහාරයක් හේතුවෙන් එම යාත්‍රාවේ ගමන් ගත් තිදෙනකු මියගොස් තිබේ. මෙම ප්‍රහාරයට දිනකට පෙර ඇමෙරිකානු හමුදාවන් විසින් ශාන්තිකර සාගරයේ යාත්‍රා කරමින් තවත් බෝට්ටුවකට ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබිණි.
ඇමෙරිකානු හමුදා විසින් ප්‍රහාරයන් එල්ල කර ඇති අදාළ යාත්‍රා දෙකම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගනු ලබන ජාත්‍යන්තර මුහුදු මර්ගවල ගමන් කරමින් තිබූ අතර ඒවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට විශ්වාස කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත් පවසා තිබේ. ඇමෙරිකානු හමුදාවන් විසින් ඉකුත් සැප්තැම්බර් 02 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලයේදී ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ යාත්‍රා 9කට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට චෝදනා කරමින් ප්‍රහාරයන් එල්ල කර තිබේ.
Saru FM Media











