ලබන 17 වනදා පාර්ලිමේන්තුවේදි සම්මත කර ගැනීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ එම අධීක්ෂණ කාරක සභාවේ සභාපති වෛද්‍ය නජිත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (11) රැස්වූ අවස්ථාවේදීය.
එම පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත.
දැනට විශ්‍රාම වැටුපට හිමිකම් කියන මන්ත්‍රීවරු 115 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගේද ඒම හිමිකම අහෝසි වේ.
1
Saru News
















