රසිකයන් විදිහට අපි ආදරේ කරන ප්‍රසිද්ධ චරිතවල යම් යම් පෞද්ගලික තොරතුරු දැනගන්න අපි කැමතියි.
ඉතිං අද අපි කතා කරන්නෙ යන්නෙත් අන්න එහෙම කාරණාවක් ගැන.
තමන් නිරත වෙන ක්ෂේත්රයේ සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගියත් කිසිදාක විවාහ නොවුනු තරු කීපදෙනෙක් ගැනයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නෙ.
බලමු ඒ කවුද කියල
Titanic චිත්‍රපටය හරහා ලොව පුරා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් මේ කඩවසම් නළුවා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසත් වර්තමානයේදී කටයුතු කරනවා.
1974 නොවැම්බර් 11 වෙනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්ත්රයේ උපත ලැබූ ඔහු 49 වැනි වියේ පසුවෙනවා.
කිසිදා විවාහ නොවූවත් රසවත් ප්‍රේම කතා කීපයක්ම ඔහුට තිබිල තියෙනවා.
වරක් තමන්ගේ විවාහය පිළිබඳ ඔහුගෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුර ලෙස ඔහු සඳහන් කරේ, “ඔබට විවාහය පුරෝකථනය කරන්න එහෙමත් නැත්නම් සැලසුම් කරන්න හැකියාවක් නැහැ. එය සිදුවන්නට තිබෙන විට සිදුවේවි ලෙසයි”
2010 FIFA ලෝක කුසලානයේ නිල ගීතය වන waka waka (this time for africa) ගීතය ගායනා කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය ගීත රචනා ශිල්පිනියක්, නිෂ්පාදකවරියක්, නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.
ස්පාඤ්ඤ සොකර් ක්‍රීඩකයෙක් වන Gerard Piqué සමඟ වසර අටක දීර්ඝ සම්බන්ධයක් පවත්වාගෙන යන මේ සුපිරි ගායිකාව විවාහ වීමට තාමත් උනන්දු නොවෙන බව තමයි සඳහන් වෙන්නෙ.
“මම ඇත්තටම විවාහයකට බයයි. මම කැමති නෑ ඔහු මාව බිරිඳ ලෙස දකිනවාට. මම කැමති ඔහු මාව ඔහුගේ පෙම්වතිය ලෙස දකිනාවටයි” සිය විවාහය සම්බන්ධව ඇය අදහස් දක්වා තිබෙන්නෙ එලෙසිනුයි.
1977 පෙබරවාරි 02 කොලොම්බියාවේ උපත ලැබූ ඇය දැනට 46 වියේ පසුවෙනවා.
ඉන්දියානු සුපිරි රංගන තරුවක් වෙන සල්මන් ඛාන් ගැන නොදන්න කෙනෙක් සිටිනවා යැයි අපි විශ්වාස කරන්නෙ නෑ.
Tiger, Bajrangi bhaijaan, Sulthan, Dhabang සහ Body guard මෑතකදී ඔහු රඟපෑ අදායම් වාර්තා තැබූ චිත්‍රපට ලෙස සඳහන් කරන්න පුළුවන්.
කත්රිනා කයිෆ්, ආශ්චර්යා රායි බච්චන්, සංගීතා බිජ්ලානි වගේම තවත් බොහෝ පෙම්වතියන් කලින් කලිට ඇසුරු කරත් ඔහු ඒ කිසිවෙකු සමඟ විවාහ වූයේ නෑ.
ශ්‍රී ලාංකීය රූ රැජිණක් ලෙස කිරුළු පැළඳ බොලිවුඩ් තිරය ආක්‍රමණය කල රංගන ශිල්පිනියක් වෙන ජැකලින් ෆ්රඩිනෑන්ඩස් සහ සල්මන් ඛාන් අතර සම්බන්ධයක් ගැනත් විවිධ පුවත් කරළියට ආවත් ඒවා තහවුරු වී තිබුනේ නම් නෑ.
1965 දෙසම්බර් 27 වෙනිදා ඉන්දියාවේදී උපත ලැබූ ඔහු දැනට 58 වෙනි පසුවන අතර චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ රූපවාහිනී නිවේදකයෙකු ලෙසත් ව්‍යාපාරියෙකු ලෙසත් කටයුතු කරනවා.
ඉන්දියාවේ නයිටින්ගේල් ලෙස නම් දරමින් වයස 92 දී මෙලොවින් සමුගත් අද්විතීය සහ අසමසම හඬක් හිමි ඇය 1968 සැප්තැම්බර් 28 වෙනිදා මෙලොව එළිය දුටුවා.
2022 පෙබරවාරි 06 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්රාන්ත්රයේදි මෙලොව හැරගිය ඇය මියයන තුරුම විවාහ වී සිටියේ නැහැ.
පද්ම භූෂණ, පද්ම විභූෂණ සහ භාරත රත්න ආදී සම්මාන ගණනකට හිමිකම් කියූ ලතා මන්ගේෂ්කාර් අදටත් ඉන්දියාව පුරා ගෞරණීය සහ ආදරණීය චරිතයක්.
Oprah Winfrey කියන්නෙ ඇමෙරිකාවේ බොහොම ජනප්‍රිය වගේම බලවත් කාන්තාවක්.
1954 ජනවාරි 29 වෙනිදා ඇමෙරිකාවේ මිසිසිපි ප්රාන්ත්රයේදී උපත ලැබූ ඇය දැනට 69 වැනි වියේ පසුවෙනවා.
රූපවාහිනී නිවේදිකාවක්, නිෂ්පාදකවරියක්, රංගන ශිල්පිනියක් වගේම කතුවරියක් සහ ව්‍යාපාරිකාවක් ලෙසත් කටයුතු කරන ඇය මේ වනතුරුත් විවාහ වී නම් නැහැ.
නමුත් ඇගේ සහකරු වන Stedman Graham සමඟ වසර 25 ක පමණ දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ඇය, තමා කිසිදා විවාහ නොවෙනු ඇති බවයි සඳහන් කරන්නෙ.
“අපි විවාහ ගිවිස ගෙන සිටියා නම් අපි තවම එකට ඉන්නෙ නැති බව අපි දෙදෙනාටම විශ්වාසයි.” ඔවුන්ගේ විවාහය සම්බන්ධ ප්‍රශ්නවලට ඇය එලෙස පිළිතුරු සපයා තිබුනා.
අන්තර්ජාලයේ පෙම්වතා විදිහට ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගෙන සිටින මේ කඩවසම් නළුව 1964 සැප්තැම්බර් දෙවෙනිදා උපත ලැබූ අතර ඔහු කැනේඩියානු ජාතිකයෙක්ද වෙනවා.
Alexandra Grant සමඟ දීර්ඝ කාලීන පෙම් සබඳතාවයක් පවත්වන නමුත් දැනට විවාහයක් දක්වා ඒ සබඳතාව ගෙනයනවාද යන්න පිළිබඳව ඔවුන්ගේ අදහසක් නැති බවයි ඔහු සඳහන් කරන්නෙ.
වර්ෂ එක්දාස් නවසිය අනූ ගණන් වල අග භාගයේදී සිය දරුවා සහ ඉන්පසු සිය දරුවාගෙ මවගේ මියයාම සමහරවිට ඔහුගේ මේ තීරණයට බලපාන්නට ඇතිබවයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නෙ.
Miss universe කිරුළ දිනාගත් මේ ඉතාම සුන්දර, බුද්ධිමත් සහ ආකර්ෂණීය පෞරුෂයක් හිමි බොලිවුඩ් තරුව ඇය බොහොම තරුණ වියේදීම දරුවන් දෙදෙනෙකුගේ භාරකාරීත්වය ලබා ගනිමින් Single mother කෙනෙක් බවට පත්වුනා.
සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය සහ රන්දීප් හූඩා අතර කලක් පෙම් සබඳතාවයක් තිබූ බවත් සඳහන් වුනා.
Saru FM Media