පුංචි ඡන්දයට තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වෙයි

0
12


මැයි මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව මගින් අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අප්‍රේල් මස 22, 23, 24, 28 සහ 29 යන දින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වෙන්කර තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලිස් ස්ථාන හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී කාර්යාල, විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අප්‍රේල් මස 22 වන දින වෙන්කර තිබෙනවා. 

ත්‍රිවිධ හමුදා කඳවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට වෙන්කර ඇත්තේ අප්‍රේල් 23 සහ 24 යන දෙදිනයි.

ඉහත දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී අප්‍රේල් 28 සහ 29 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර මැයි මස 06 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339හි ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 07 වනදා එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth Sound · ELE RATHNAYAKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here