කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට අද (23දා) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 08 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවත් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, අයිඩීඑච් , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම හා බොරලැස්ගමුව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව තාවකාලිකව සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
Saru FM Media