ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව ලබා දීමට මෙරට නාවික හමුදාව යෙදවීමත් සමඟ මාසයකට ඩොලර් ලක්ෂ 1.5 ඉක්මවූ විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් විවෘත වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඊයේ (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව හෙළි කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම ආරක්ෂක සේවා නාවික හමුදාවට පවරා ගෙවී ගිය මාස 4ක් තුළ ඇමරිකානු ඩොලර් 598,260ක් උපයා ගෙන තිබේ.
මෙම මෙහෙයුම් 2009 සැප්තැම්බර් 10 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ආරම්භ කළ අතර, එය මෙරටට විදේශ විනිමය ලබා දීමේ මාර්ගයක් ලෙසින් වේගවත් වර්ධනයක් ලබා ගත්තේය. ඉන් පසුව, එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂගේ ඍජු මෙහෙයවීම යටතේ නාවික හමුදාව ඉවත් කර කුප්‍රකට ඇවන්ට්ගාඩ් සමාගමට එම ආදායම පවරා දෙනු ලැබීය.
1
Saru News
















