අයහපත් කාලගුණික තත්ත්වය සමග මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් හතළිහකට අයත් පුද්ගලයන් එකසිය හතළිස් දෙදෙනකු දැඩි බලපෑමට ලක්ව එක් පුද්ගලයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගස් හා පස් කඳු කඩා වැටීම් නිසා නිවාස තිහකට අර්ධ හානි සිදුව ඇත. මින් පවුල් විසි හතකට අයත් පුද්ගලයන් 99දෙනකු ඥාති නිවාසවල තාවකාලිකව පදිංචි කරවා තිබේ.
කඩා වැටුණු පස් කන්දකට යටව මුරුතලාව සූරියගොඩ ප්‍රදේශයේ පන්නලවත්තේ පියදාස නමැති 68 හැවිරිදි අය මිය ගොස් තිබේ. උඩුනුවර ප්‍රදේශයේ නිවසක බිත්ති කඩාවැටී එහි සිටි ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇත. දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්ස තුළම විවිධ ආපදා සිදුව ඇති අතර ප්‍රධාන හා අතුරු මාර්ග විසි දෙකක් පමණ අවහිරතාවන්ට ලක්ව තිබේ. මේවායින් බොහෝ අවහිරතා ඉවත්කොට ඇතත් මාර්ග සංවර්ධනයට අයත් අස්ගිරිය දොඩම්වල මාර්ගයේ ගිලා බැස්ම නිසා එහි අවහිරතාවය මේ වන තුරුත් පවතියි.
ගම්පොළ -සුරංග දිල්හාන්
Saru FM Media