අධ්‍යාපන අමාත්‍යාංශයේ සුභසාධ වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්ට සහ සීලමාතාවන් සඳහා 2026 වසරට පාවහන් මිලදීගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම වවුචර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා සකස් කරනු ලැබ ඇති තිළිණපත්, ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QRකේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.
එම වැඩසටහන සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.
Saru FM Media