වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානමින්

0
3

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අනාවරණය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඝාතන සිද්ධිය ගැන අද (22) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සියේය. 

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, වැලිගම ප්‍රාදේශීය සභාවේදී අද සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් රට තුළ සිදුවන අපරාධ මර්දනයට සියලුම පියවර ගෙන ඇති බවත්ය.

මන්ත්‍රීවරයෙකු, සභාපතිවරයෙකු හෝ රටේ ඕනෑම පුරවැසියෙකුගේ ජීවිත ආරක්ෂා කිරීමට රජය බැඳි සිටින බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පලකරන බවය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here