වතු කම්කරුවෝ ජනපති අනුරව උණුසුම් ලෙස පිළි ගනිති… – Saru News | සිංහල

0
4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී කෙටි පිළිසඳරක යෙදුනේය.

ජනාධිපති අනුර දිසානායක එම ස්ථානයට පැමිණීමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිව උණුසුම් අයුරින් පිළි ගනු ලැබීය. අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරීඔ සම්බන්ධයෙන් ජනාධිපතිට සිය ස්තුතිය පුද කරනු ලැබීය.

මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ වතු කම්කරුවන් කියා සිටියේ, ජනාධිපති අනුර දිසානායක තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිද ඔහු බවයි.