ආදරේට සීමා ඕනෑම ද?

0
12


ආදරේ කරද්දී අපිට සතුට වගේම ප්‍රශ්න සහ දුක් කඳුලුත් ඕනෑ තරම් එනවා. “ගෑනු කියන්නේ ඉවසන්න ඕන අය” කියලා කතාවක් තියන නිසා අපි ටිකක් වැඩියෙන් ඉවසනවා. ඉවසීම බිංදුවට වැටිලා රණ්ඩු ඇතිවෙලා ආදරය වගේම විවාහයත් බිඳී යන අවස්ථා ඕනෑ තරම්.

ඇත්තටම අපි ඉවසන්න ඕනෑ ද. කැප කිරීම් කරන්න ඕනෑ ද..?

  • හැම දෙයක්ම නොකර බැරි අවස්ථා තියෙනවා. ඒත් සම්බන්ධයක ලොකුම හතුරා වන්නේ සැකය. හැම වෙලාවකම සැකෙන් බලන්න ගත්තොත් ඔහුට ඔබව ඉක්මනින්ම එපා වෙන්න පුලුවන්. හැම තිස්සෙම සැක කරනවට වඩා ඔහු ගැන ඇති විශ්වාසය ගැන ඔහුට කියන්න. ඔබේ විශ්වාසය පලුදු නොකර ගන්න ඔහු පරිස්සම් වේවි.
  • ඒ වගේම අපි හිතන, අපිට අවශ්‍ය දේවල් දැනෙන්න ඔහුට මායා බලයක් නැහැ. ඔබ ඔබේ සිතැඟි, ඔබේ ආශාවන් ගැන හංගන්නේ නැතුව ඔහු එක්ක බෙදා ගන්න. රෙස්ටොරන්ට් එකකට ගිහින් කැමති කෑමක් තෝරා ගන්න එකේ ඉඳල ලිංගික ජීවිතය දක්වාම මේ වගේ විවෘතව අදහස් ප්‍රකාශ කිරීම ආදරයක් සුරැකෙන්න ඉතාම වැදගත්. ඔබේ හැඟීම් වලට සීමා පනවා ගන්න එපා. අවශ්‍ය දේ ඔහුට හෙළි කරන්න.
  • සීමාවක් නැතිව ආදරයේ දී පිරිනැමිය යුතුම දෙයක් වන්නේ සමාව යි. ඔහු අතින් වෙන වැරදීමකට නොපැකිළව සමාව ලබා දෙන්න. යළි ඒ වරද ඔහු අතින් නොවෙන වග ඔබට විශ්වාස බව තහවුරු කර ඔහුට කියන්න. ඒත් සමාවට ඔබව රැවටීමට ඉඩ දිය යුතුත් නැහැ. වරදක් බොහෝ අවස්ථාවල සිදු වෙනවා නම් ඔබ එවන් කටුක සම්බන්ධයක් අසීරුවෙන් දරා සිටිය යුතු වන්නේත් නැහැ.
  • ආදරේට සීමා අවශ්‍ය නැහැ. ඒත් කටින් පිට කරන වචන වලට සීමා තබා ගන්න. රණ්ඩු, ගහ බැන ගැනීම්, දෝෂාරෝපණය ආදරයකට සීමාවක් නොව නැවතීම තබන බව අමතක කරන්න එපා.
  • ආදරයට කිසිම විටෙක ඔබ දෙදෙනාගේ ජීවිතවලට අසීරුතා පනවන්නට ඉඩ තබන්න එපා. ආදරය ඇත්තේ විඳින්නට යි. ජීවිතය වඩ වඩාත් සුන්දර කරන්නට යි.
ආදරෙන් ඉන්න.

The post ආදරේට සීමා ඕනෑම ද? appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here