බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:

මේ වන විට බැඩ්මින්ටන් ජාතික සංචිතය ක්‍රියාත්මක වන්නේ නැහැ.දීර්ඝ කාලයක් තිස්සේ ඇණහිට තිබෙන ජාතික සංචිතය යළි පන ගන්වන්නේනම් ඒ සඳහා කැඳවන ජාත්‍යන්තර පුහුණුකරුවාගේ වියදම දැරීමට හිටපු බැඩිමින්ටන් සභාපතිවරයෙකු වන රොහාන් ද සිල්වා ඉදිරිපත්ව තිබෙනවා.

රොහාන් වර්ථමාන සභාපතිවරයා තේරී පත්වීමට පෙර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපතිවරයාව සිටි අතර ඔහුගේ කාලයේ දී ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් යම් ආකාරයක පිළිගැනීමකට ලක් කරන්නට සමත් වුණා.විශාල පිරිසකට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වීමට මාවත විවර කිරීමට අමතරව ඔහු සිය පෞද්ගලික ධනයෙන් ඒ සඳහා විශාල මුදලක් ද වැය කරනු ලැබුවා.

ප්‍රංශයේ පැවති 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට විරේන් නෙත්තසිංහ තරගාවලිය සඳහා සුදුසුකම් ලැබ තරග කරන ලාබාලතම තරගකරුවා කිරීමේ කාර්යය තුළ ද,රොහාන් සිය පෞද්ගලික ධනය වැය කරමින් විරේන්ට ජාත්‍යන්තර තරග අවස්ථා උදා කර දෙන්නට විශාල කැපවීමක් කරනු ලැබුවා.එසේම මේ වන විට විරේන් මෙන්ම කාන්තා බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට එමින් සිටින රනිත්මා ලියනගේට ද ඒ ආකාරයෙන්ම අනුග්‍රහය දැක් වූ රොහාන් අද වන විටත් රනිත්මාගේ අනුග්‍රාහකයා ලෙසින් කටයුුතු කරමින් සිටිනවා.

රොහාන්ගේ සමුගැනීමෙන් පසු යම් කඩා වැටීමකට ලක් වී තිබෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනයේ සිටි බොහෝ දෙනෙකුද සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.මේ තත්ත්වය මත ජාතික සංචිතය නැවත තමන් භාරයට ගෙන ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩකයන්ගේ වගකීම පවරා ගැනීමට රොහාන් කටයුතු කරන බවට ද ප්‍රචාරයක් පැතිර යන අතර එහෙත් රොහාන්ට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහු නැවත කිසිදාක බැඩ්මින්ටන් පරිපාලනයට නො‘එනු ඇති බවය.ක්‍රීඩාවට ඇති ආදරය නිසාවෙන් ක්‍රීඩක දක්ෂතා ගොඬ නැඟීමට අවශ්‍යය වන ජාත්‍යන්තර පුහුණුකරුවෙකු කැඳවා ඔහුගේ අනුග්‍රාහක වියදම දැරීමට පමණක් රොහාන් එකග වී ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here