බ්‍රැඩ්බි දෙවැනි අදියරය හෙට
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන රග්බි පාපන්දු සටනේ දෙවන අදියර තරගය සෙනසුරාදා (06දා) ප. ව. 04.00 ට කොළඹ හතේ පදනම් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ.
මෙම තරගයේ දී රාජකීය විද්‍යාලයීය කණ්ඩායම අමික සමරසිංහ විසින් ද ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම උස්මාන් සෆ්රාස් විසින් ද මෙහෙයවති.
අදියර දෙකකින් සමන්විත වන මෙවර තරගාවලියේ පළමු අදියර සටන ඉකුත් 23 (සෙනසුරාදා) දින ප.ව. 04.00 ට මහනුවර පලලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එය තියුණු අවස්ථා රැසකින් ස්වයංපෝෂිත වුවත් අවසානයේ ලකුණු 15 – 05 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට රාජකීයයන්ට හැකියාව ලැබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස සෙනසුරාදා (06දා) පැවැත්වෙන දෙවන අදියර සටන අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරකට අනුවර්තනය වීම වැළැක්විය නොහැකිය. රාජකීය විදුහල මහනුවර දී ලත් පරාජයේ අවමානය මකා ගැනීමට තමන්ට හුරු පුරුදු රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ගන්නා උත්සාහය හේතුවෙන් තරගයේ උණුසුම තීව්‍ර වනු නොඅනුමානය. මෙවර “බ්‍රැඩ්බි පළිහ” හිමිකර ගැනීමට නම් දෙවන අදියරේ දී ලකුණු 11 ක පරතරයකින් රාජකීය විදුහල ජයග්‍රහණය සනාථ කරගත යුතුය. එම තරගය ලකුණු 09 ක හෝ ඊට අඩු පරතරයක් ඇතිව ත්‍රිත්ව විදුහල මෙම සටනේ දී පරාජය ලැබුවත් මෙවර බ්‍රැඩ්බි අභියෝග පළිහ හිමි වීම වැළැක්විය නොහැකිය.
මෙතෙක් පැවති තරග ඉතිහාසය තුළ වැඩි ගෞරව හිමිකර ගනිමින් පෙරමුණේ පසුවන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්ව සිටී. ත්‍රිත්ව විදුහල ඉදිරියේ සටහන් වී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 40 කි. රාජකීය විදුහල වාර්තා කර ගෙන ඇති ජයග්‍රහණ ප්‍රමාණය 36 කි. 2016 වසරේ දී ලකුණු 35 – 35 ක් ලෙස ද 1992 වසරේ දී ලකුණු 03 – 03 ක් ලෙස ද ජය පරාජයෙන් තොරව අවසන් වූ වර්ෂ ගණන 02 කි.
ඉකුත් 2024 වසරේ “බ්‍රැඩ්බි අභියෝග පළිහ” දිනා ගැනීමට ටී. දිසානායක ගේ නායකත්වයෙන් සමන්විත වූ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. රාජකීය විද්‍යාලයීය ආසන්නම ජයග්‍රහණය ආර්. සේනානායක ගේ නායකත්වයෙන් වර්ෂ 2023 දී සටහන්විණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media