ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි.
සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමටද නියමිතය.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී සිදුකෙරුණේ පසුගිය 5 වැනිදා සිටය.
දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් පසුගිය දින කිහිපයේදීම සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය.
ඊයේ රාත්‍රියේත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ තිබුණි.
අද පෙරවරුවේ දෙව්නිමෝරී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් තේවාව පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 9.45ට පමණ රිය පෙරහරකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවීමට නියමිතය.
ඉන් අනතුරුව විශේෂ ගුවන් යානයකින් සර්වඥ ධාතූන් වහන්සේ යළි ඉන්දියාට වැඩම කරවන බව හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසීය.
📌සබැඳි පුවත්
Saru News










