අද දින ඔබේ දෛවය

0
11

මේෂ

ක්‍රියාකාරි දිනකි. දුර ගමන්, වන්දනා ගමන්, ආගමික උත්සව ආදියෙහි නියැළේ. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවන ක්‍රියාවන් දියත් කරයි. විනෝදාත්මක ක්‍රියාකාරකම්වල ද යෙදේ. සිරසගත රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තරමක් අවිවේකි දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දහමට ළැදිව ද ක්‍රියා කරයි. ආගමික උත්සවවලට සහභාගි වෙයි. තරමක් වැයපස ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මිථුන

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. සමාජ සද්කාරක ක්‍රියා, ආගමික වතාවත් ආදියෙහි යෙදේ. තරමක් වැය පසද ඉහළ යන දිනකි. අමතර ලාභ ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික පුද පූජා වතාවත්වල යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් සැහැල්ලුවෙන් දවස ගෙවයි. සෙම් බහුල රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

සිංහ

සුපුරුදු ක්‍රියාකාරකම්වලින් අත්මිදී දහමට යොමුව ක්‍රියා කරයි. දාන ශීලාදී කර්මවල යෙදේ. පොදු සේවා ක්‍රියාකාරකම්වල ද යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදෙන අතර වැයපස ඉහළයි. මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. නිවස උත්සවශ්‍රියාවක් ඇති කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලැබීම් ඇතිවේ. උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 09

තුලා

විවේකීව දවස ගෙවයි. දානමානාදී කුසල කර්මවල ද යෙදේ. ප්‍රීති සාද වැනි දේවලට ද සහභාගිවීමේ අවස්ථා යෙදේ. සිත් චංචල කරවන කරුණු ද යෙදේ. අමතර ලාභ ලබයි. කැපුම් කෙටුම් වැනි හදිසි රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 07

වෘශ්චික

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට ළැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් ගරු කරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. වැයපස ඉහළයි. මූල අර්ශස් රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08

ධනු

සුපුරුදු රාජකාරි ක්‍රියාවන්ගෙන් නිදහස්ව දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පූජා කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතීන් ඒ සඳහා යොමු කරවයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. අම්ල පිත්ත රෝගය මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

මකර

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක කටයුතුවල යෙදේ. ආගමික වතාවත් ද ගරු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සන්ධි ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08

කුම්භ

ක්‍රියාශීලි වන අතර පරිත්‍යාගශීලි දිනකි. ශුභවාදී ක්‍රියා ඇරඹුමට ද හේතුයි. ආගමික පුද පූජා කෙරෙහි සිත යොමු කරවයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි ද යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන

සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. පදිංචි ස්ථානයේදී සුළුවෙන් හෝ උත්සවශ්‍රියාවක් ගෙන දෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. ඉදිමුම් රෝග, සන්ධි වේදනා ද ඇතිවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here