වෙරළ සංරක්ෂණ නීතිය උල්ලංඝණය කරමින් පිහිටුවා තිබූ ජූස් බාර් ව්‍යාපාරයක් ආරක්ෂා කිරීමේ කූට උපායක් ලෙසින් බුද්ධ ප්‍රතිමාවක් එම ස්ථානයේ තැන්පත් කළ පිරිස අත්තඩංගුවට ගෙන තබා ගැනීම අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් බව මහනායක හිමිවරු අවධාරණය කරති.
උන් වහන්සේලා මේ බව අවධාරණය කර තිබෙන්නේ දිලිත් ජයවීර, අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් මහ නායක හිමිවරු හමු වී ප්‍රවෘත්තියක් නිර්මාණය කර ගැනීමට දරන ලද ප්‍රයත්නයේ දී ය. ඔවුන්ගේ එම උත්සාහය මුළුමනින් ම අසාර්ථක වූ බව තහවුරු වන්නේ දෙරණ රූපවාහිනිය ඇතුළු දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලයෙන් එම ප්‍රවෘත්තිය සංස්කරණය කර තිබූ ආකාරයෙනි. මහනායක හිමිවරු මේ පිරිසට දුන් අනුශාසනා සම්බන්ධ වීඩියෝ කොටස් ඉවත් කර දිලිත් ජයවීරගේ ප්‍රකාශ පමණක් අන්තර්ගත වන ආකාරයට ප්‍රවෘත්තිය සඳහා වීඩියෝ සංස්කරණය කර තිබිණි.
මේ පිරිසට මහනායක හිමිවරුන් අනුසාසනා කර තිබෙන්නේ පවතින නීති උල්ලංඝණය කරමින් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම වැරදි ක්‍රියාවක් බව ය. මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු විභාග කරමින් පවතින බැවින් නීතියට අනුකූල තීන්දුවක් ලබා දෙනු ඇති බව ද, භික්ෂූන් වහන්සේ නමක් වුව ද රටේ පොදු නීතියට යටත් විය යුතු බව ද උන් වහන්සේලා අවධාරණය කර තිබේ.
1
Saru News










