පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලය යට වී ඇති අතර මේ හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, බෙලිගහ සහ කහඳුවවත්ත යන ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ජලය යටවී ඇත.
ගාල්ල කිතුලම්පිටිය මාර්ගය, මොරගොඩ ඇලපිටාර ගැලීම නිසා මොරගොඩ ප්‍රදේශයද ජලයෙන් යට වී තිබේ.
අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය, අනවසර ඉදිකිරීම් සහ නිසි ලෙස කානඅ පද්ධති ශුද්ධ නොකිරීම මෙම තත්ත්වයට හේතුවන බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවරක් දැනුවත් කළද විසඳුමක් ලැබී නොමැති අතර සුළු වැස්සකදී පවා මෙම ප්‍රදේශ ජලයෙන් යටවන බව ජනතාව සඳහන් කරයි.
Saru FM Media