පාකිස්තානයට ලකුණු 32ක ජයක්

0
4

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (10) සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස්කළේය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 73ක් රැස්කළ අතර බාබර් අසාම් ලකුණු 46ක් රැස්කළේය.

පන්දු යැවීමේදී අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් Shadley van Schalkwyk කඩුලු 4ක් දවාගත්තේය.

ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 158ක් පමණි.

එහිදී අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් Shubham Ranjane ලකුණු 51ක් රැස්කළ අතර Shayan Jahangir  ලකුණු 49ක් රැස්කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here